ඛේදවාචක රැසක් ගැන අනාවැකි කී බාබා වැන්ගා 2016 සහ 2017 දී වියහැකි බව කියන භයානක අනවැකි
2011 සැප්තැම්බර් 11 වන දින අමරිකාවේ ලෝක වෙළද මධ්යස්ථානයට එල්ල වූ ප්රහාරයත් 2004 දී ඉන්දියන් සාගරයේ ඇති වූ මෙරටටද බලපෑ සුනාමියත්, ෆුකුෂිමා න්යෂ්ඨික කාන්දුව සහ ISIS වැනි ත්රස්තවාදී සංවිධානයක උපත පිළිබදවත් අනාවැකි පළ කළ, බාබා වැන්ගා නම් දෙනෙත් අඳ අනාගත වක්තෘවරිය විසින් වර්ෂ 3797 දක්වා සිදුවිය හැකි සිදුවීම් රැසක් පිළිබද ව අනාවැකි පල කොට තිබෙනවා.
බල්ගේරියානු සම්භවයක් ඇති මෙම අනාගත වක්තෘවරිය 85 වැනි වියේ දී, එනම් 1996 දී මෙලොවින් සමුගත්තා. ‘බාබා වැන්ගා’ ලොව පුරා ප්රසිද්ධ වුනේ ඇය මෙතෙක් පළ කළ අනාවැකි සියයට 85ක ප්රතිශතයකින් සැබැ වී ඇති නිසාය.
වැන්ගාට අනුව නම්, 2016 සහ 2017 වර්ෂ වලදී යුරෝපියානු ඛේදවාචකය ඇති විය හැකි බවයි ප්රකාශ වී තිබෙන්නේ. එම ව්යසනයන් නිසා යුරෝපය ජීවත් වීමට නුසුදුසු භූමියක් බවට පත් වී ජන ශුන්ය වන බව ඇය සඳහන් කකර තිබෙනවා.
”ඒ බිම සම්පුර්ණයෙන් ම හිස්වෙනවා. අත්හැර දැමූ භූමියක් බවට පත්වෙනවා. සියලූ ප්රාණීන්ට එම මහාද්වීපය ජීවත් වීමට අහිතකර වී යනවා.”යැයි ඇය පවසා තිබෙනවා.
